Jump to content

බහු බෝග ගොවිතැන

විකිපීඩියා වෙතින්
සම්ප්‍රදායික ගොවිතැන

බහු බෝග ගොවිතැන හෙවත් බහු බෝග වගාව (ඉංග්‍රීසි:  Multiple cropping) යනු සම්ප්‍රදායික ගොවිතැනේ දක්නට ලැබෙන එකම ඉඩෙහි තනි වැවීම් කාලයක් තුලදී එක්වර බෝග දෙකක් හෝ කිහිපයක් වගා කිරීමේ ක්‍රමයයි. එය බහුවගා ආකාරයකි. එයට පළමු බෝගයෙහි ඵලදාව නෙලීමෙන් පසු දෙවන බෝගය වගා කිරීමේ ද්විත්ව වගා කිරීමේ ආකාරය හෝ පළමු බෝගයේ ඵලදාව නෙලීමට පෙර දෙවන බෝග‍ය ආරම්භ කිරීමේ පිලිවයන වගා කිරීමේ ආකාරය ගත හැක. මීට සම්බන්ධ ක්‍රියාවක් වන සහය වගා කිරීම සමහරක් විට උද්‍යාන කරණයේදී හා එළවළු හා පළතුරු කඩිනම් වගාකිරීම් වලදී යොදා ගැනේ. බහු වගාකිරීමට එක් උදාහරණයක් වන්නේ තත්කාලි + ලූණු + මැරිගෝල්ඩ්. මැරිගෝල්ඩ් මගින් තත්කාලි වල සමහරක් පලිබෝදකයන් පලවා හරිනු ලබයි.

බහු වගාකිරීම් බොහෝමයක් කෘෂිකාර්මික සම්ප්‍රදායන්වල දැක ගත හැකිය. ඉන්දියාවේ ග්‍රාවල් හිමාලයාහි බරණාජා ලෙස හදුන්වන ක්‍රියාවකට එකම පාත්තියක ශාකවර්ග 12 ක් හෝ ඊට වඩා වගා කිරීම අයත් වන අතර එම බෝග වලට විවිධ බෝංචි, මුං ඇට හා මෙනේරි අයත්වන අතර විවිධ අවස්ථා වලදී ඒවා වගා කරයි.

වී ගොවිතැනේදී බහු වගා කිරීම සදහා විශේෂයෙන් වියළ සෘතුවක් පවතින ප්‍රදේශ වලට කාර්යක්ෂම ජල යෝජනා ක්‍රමයක් අත්‍යවශ්‍යවෙයි. තෙත් කාලය තුළදී ඇද හැලෙන වර්ෂාව එම කාලය තුළදී සහල් වගා කිරීමට අවශ්‍ය තත්ත්වය ලබාදෙන නමුත් වසරෙහි අනෙක් භාගය අතරතුරදී වාරිමාර්ග පද්ධතියකින් තොරව කුඹුරු වෙත ජලය යැවීමට නොහැකි වෙයි. ආසියාවෙහි හරිත විප්ලවය අධි ඵලදාවකින් යුත් සහල් ප්‍රභේද නිෂ්පාදනයට මග පෑදු අතර ඒවාට දින 100 ක කුඩා වැවීම් කාලයක් පමණක් අවශ්‍ය විය. නමුත් සාම්ප්‍රදායික ප්‍රභේද සදහා 150 – 180 දින ප්‍රමාණයක් අවශ්‍ය වේ. මේ හේතුව නිසා බහු වගා කිරීම ආසියානු රටවල වඩාත් ප්‍රචලිත විය.

බහු වගා කිරීමේ එක් ආකාරයක් වන්නේ අන්තර් වගා කිරීමයි. මෙහිදි ප්‍රධාන බෝගය අතර ඉතිරිවී ඇති අවකාශ වල අතිරේඛ බෝගයක් වගා කරනු ලැබේ.