Jump to content

නරියා සහ මිදි වැල

විකිපීඩියා වෙතින්

නරියා සහ මිදි වැල (ඉංග්‍රීසි: The Fox and the Grapes) යනු ඊසොප්ගේ උපමා කථාවල එන 15 වැනි කථාවයි. මිදි වැලක ඇති මිදි ආහාරයට ගැනීමට උත්සාහ කරන නරියෙකු ගැන මෙම කථාවෙන් කියවේ. මිදි වැලට ළඟාවිය නොහැකි වූ නරියා, පරාජය භාරගනු වෙනුවට මිදි ආහාරයට නුසුදුසු යැයි පවසයි. "නරියා මිදි ඇඹුලයි කීවා වාගේ" යන ප්‍රස්ථාව පිරුළ මෙම කථාව ඔස්සේ නිමැවී ඇත.