Jump to content

අව්වයි වැස්සයි

විකිපීඩියා වෙතින්
වාහන ගාලක් වෙත අව්වයි වැස්සයි.

අව්වයි වැස්සයි යනු හිරු බැබළෙමින් පවතින විට වැස්ස පතිතවීමේ කාලගුණ විද්‍යාත්මක සංසිද්ධියකි.[1] හිරු ප්‍රමාණවත් තරම් අඩු කෝණයකින් පැවතුනොත්, මෙම තත්ත්වයන් යටතේ බොහෝවිට දේදුන්නක් දෘශ්‍යමාන වෙයි. [1] එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, අයර්ලන්තය සහ බ්‍රිතාන්‍යය යන රටවල භාවිතා වුවද , "අව්වයි වැස්සයි" යන්නට ඉංග්‍රීසි පදය "Sunshower" යන්න ශබ්දකෝෂයන්හී හමුවන්නේ ඉතා කළාතුරකිනි.[2] අමතර වශයෙන්, මෙම සිද්ධිය සඳහා ලොව පුරා සංස්කෘතින් විසින් භාවිත කෙරෙන ජනශ්‍රැතිමය යෙදුම් ඉතා පුළුල් පරාසයක පවතින නමුත් අපූර්ව ලෙසින් ඒකාකාර බවක් දක්වයි.[3] පොදු තේමාවක් වන්නේ කපටි සතුන්, යක්ෂයා, විවාහ වීම යන දේ වුවද, මෙම තේමා කොටස් වල විවිධ ප්‍රභේදන දක්නට ඇත.[2][3]

ජනශ්‍රැතිමය නම්

[සංස්කරණය]
ටෙක්සාස්හී, ඔස්ටින්හී, වොලර් ආර වෙත අවව්යි වැස්සයි.

සතුන්

[සංස්කරණය]
  • හින්දි භාෂාවෙන් එය හැඳින්වෙන්නේ, "නරියාගේ මගුල " ලෙසිනි.[2]
  • කොන්කනි භාෂාවෙන් එය හැඳින්වෙන්නේ "වඳුරෙකුගේ මගුලක්" යනුවෙනි.
  • සිංහලයෙන් එය හැඳින්වෙන්නේ, "නරියාගේ විවාහ උත්සවය" ලෙසිනි (අව්වයි වැස්සයි, නරියගෙ මගුලයි.).
  • බෙංගාලියෙන් එය හැඳින්වෙන්නේ, "නරියාගේ විවාහ උත්සවය" ලෙසිනි .
  • බ්‍රසීලයේ ජනතාව පවසන්නේ, "වැස්ස සහ අව්ව (ෂූවා එ සොල්), ගොළුබෙල්ලාගේ (කැරකොල්) මගුල ", "අව්ව සහ වැස්ස (සොල් එ ෂූවා), වැන්දඹුවගේ (ව්‍යුවා) මගුල", හෝ "කසමෙන්ටෝ ද රපෝසා" (නරියාගේ මගුල) ලෙසිනි.
  • කොරියාවේ, පිරිමි කොටියෙක් නරියෙකු හා විවාහ වෙයි.
  • ජපානයේ එය හැඳින්වෙන්නේ, "කිට්සුනේ නො යොමේරි", හෝ " කිට්සුනේගේ මගුල" ලෙසින් වන අතර, එයින් අදහස් වන්නේ නරියාගේ මගුල පැවතෙන බවයි.

යක්ෂයන්

[සංස්කරණය]

වෙනත් ප්‍රභේදයන්

[සංස්කරණය]

ලිතුවේනියානු සහ එස්ටෝනියානු (vaeslapse pisarad) භාෂාවලින්, මෙම සිද්ධිය විස්තර කෙරෙන්නේ "අනාථයන්ගේ කඳුලු" ලෙසින් වන අතර, මෙම කඳුලු පිස දමන ආච්චි වන්නේ හිරුය.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ a b සිමන්ඩ්ස්, ස්ටීව්, වෙදර් ටර්ම්ස්- වයිල්ඩ් වෙදර්, 2004, ABC North Coast, සම්ප්‍රවේශය නොවැම්බර් 2006.
  2. ^ a b c ක්විනියන්, මයිකල්, මන්කීස් වෙඩිං, 2001, වර්ල්ඩ් වයිඩ් වර්ඩ්ස්, සම්ප්‍රවේශය නොවැම්බර් 2006
  3. ^ a b වොක්ස්, බර්ට්, සන්ෂවර් සමරි, 1998,linguistlist.org, සම්ප්‍රවේශය නොවැම්බර් 2006