පකිස්තානයෙහි න්‍යෂ්ටික බලශක්තිය

2012 වසර වන විට, පකිස්තානයෙහි න්‍යෂ්ටික බලශක්තිය සපයන ලද්දේ වරලත්-වාණිජ න්‍යෂ්ටික බලාගාර තුනක් මගිනි.[1] සිවිල් න්‍යෂ්ටික බලාගාර ගොඩනගා ඒවා ක්‍රියාත්මක කල, ලෝකයේ පළමු මුස්ලිම් රට වන්නේ පකිස්තානයයි.[2] මෙම බලාගාර ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තනි වගකීම දරන විද්‍යාත්මක සහ න්‍යෂ්ටික රාජ්‍ය කාර්යාංශය වන්නේ පකිස්තානු න්‍යෂ්ටික බලශක්ති කොමිසම (PAEC) වෙයි.[3] 2012 වසර වන විට, ෆොසිල ඉන්ධන වෙතින් නිපැයුනු ~62%, ජල විදුලි බලශක්තිය වෙතින් නිපැයුනු ~33% සහ ගල් අඟුරු විදුලිය වෙතින් නිපැයුනු ~0.3% හා සමගින් සැසඳුනු විට, වාණිජ න්‍යෂ්ටික බලාගාර වෙතින්, පකිස්තානයෙහි නිපැයුනු විදුලියෙන් දළ වශයෙන් ~3.6% පමණ නිපැයිණි.[4][5] න්‍යෂ්ටික අවි-නොපැතිරවීමේ ගිවිසුම අත්සන් නොකල මුත් ජාත්‍යන්තර පරමාණු බලශක්ති කාර්යාංශය හා සමගින් හොඳ ස්ථාවරයක සිටිනා න්‍යෂ්ටික අවි සන්නද්ධ රාජ්‍ය්‍යන් සතර ( ඉන්දියාව, ඊශ්‍රායෙලය සහ, උතුරු කොරියාව හා සමගින්) අතුරින් පකිස්තානයද එකකි.[6][7][8] 2050 වසර වන විට න්‍යෂ්ටික බලාගාර 32 ක් තැනීමට පකිස්තානය සැලසුම් කරයි.[9]

පකිස්තානයෙහි න්‍යෂ්ටික බලශක්තිය is located in පකිස්තානයLua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.
පකිස්තානයෙහි න්‍යෂ්ටික බලාගාර
 සක්‍රීය බලාගාර

ඉතිහාසය

සංස්කරණය

ජනාධිපතිවරයාගේ විද්‍යා උපදේශක ලෙසින්, මහාචාර්ය (සහ පසුව නොබෙල් ත්‍යාගලාභී) අබ්දුස් සලාම්, ජනාධිපති අයුබ් ඛාන් එකඟ කරවා ගත්තේ, කරච්චි අසබඩ ස්ථානයක, පකිස්තානයෙහි පළමු වාණිජ න්‍යෂ්ටික බලාගාරය පිහිටුවීමටය.[10][11] කරච්චි න්‍යෂ්ටික බලාගාරය (KANUPP) ලෙසින් හැඳින්වෙන මෙම වාණිජ බලාගාරය, කැනේඩියානු පීඩන බැර ජල ප්‍රතික්‍රීයකයක් වන, කුඩා 137 MWe CANDU ප්‍රතික්‍රීයකයකි.

න්‍යෂ්ටික ඉංජිනේරුවරයෙක් වන, පීඒඊසී හී පාර්වේස් බට්, ව්‍යාපෘති අධ්‍යක්ෂක විය. KANUPP බලාගාරය එහි ක්‍රියාකාරකම් ඇරඹුවේ 1972 වසරෙහිදී වන අතර, එහි නිල ප්‍රතිෂ්ඨාපනය සිදු කලේ, ජනාධිපති සුල්ෆිකාර් අලි භූතෝ සහ පීඒඊසී සභාපති මුනීර් අහමඩ් ඛාන් විසිනි.[12] ජාත්‍යන්තර සුරැකිතාවයන් යටතේ වන KANUPP බලාගාරය, ක්‍රියාත්මක වන්නේ ඌතිත ජවයක් සහිතවය. 1969 වසරෙහිදී, ප්‍රංශයෙහි කොමීසැරියා අ ලෙනෙයෝර්ජි ඇටොමික සහ එක්සත් රාජධානියෙහි බ්‍රිටිෂ් නියුක්ලියර් ෆුවල්ස් පීඑල්සී (BNFL) විසින් පීඒඊසී හා සමගින් ගිවිසුමට එළඹුනේ ප්ලූටෝනියම් සහ න්‍යෂ්ටික ප්‍රතික්‍රියායන යන්ත්‍රෝපකරණ පකිස්තානයට සපයන ලෙසටයි. ගිවිසුම පරිදී, බලාගාර සහ න්‍යෂ්ටික ප්‍රතික්‍රියායන පහසුකම් වල ප්‍රධාන සැලසුම්කරුවෝ පීඒඊසී ඉංජිනේරුවෝ වූයේ, බීඑන්එෆ්එල් සහ සීඊඒ විසින් අරමුදල්, තාක්ෂණික ආධාර සහ න්‍යෂ්ටික ද්‍රව්‍ය සපයන අතරතුරය. ව්‍යාපෘති පිළිබඳ කෘත්‍යයන් 1972 වසර දක්වා ඇරඹුනේ නැති අතර, ඉන්දියාවේ ස්මයිලින් බුද්ධා - න්‍යෂ්ටික අත්හදාබැලීම —1974 වසරෙහි සිදුවූ බලාපොරොත්තු නොවූ න්‍යෂ්ටික අත්හදාබැලීමක්— හේතුවෙන්, පීඒඊසී හා සමගින් සියළු ව්‍යාපෘති බීඑන්එෆ්එල් විසින් අවලංගු කරන ලදි.[උපහරණ ඇවැසිය] 1974 වසරෙහිදී, PARR-II ප්‍රතික්‍රීයකය ක්‍රියාත්මක කෙරුණු අතර, එහි ව්‍යාපෘති අධ්‍යක්ෂකවරුන් වූයේ මුනීර් අහමඩ් ඛාන් සහ හෆීස් කුරේෂි වූහ. PARR-II යනු දේශීය ප්‍රතික්‍රීකයක් වන අතර, පීඒඊසී හී ඉංජිනේරුවරුන්ගේ සහ විද්‍යාඥයින්ගේ අනුග්‍රහය යටතේ තැනිණි.

1977 වසරෙහිදී, එ.ජ. රාජ්‍ය ලේකම් හෙන්රි කීසිංගර් විසින් යෙදවුනු පීඩනය මධ්‍යයේ, සීඊඒ විසින් පීඒඊසී සමග සිදු කල සියළු ව්‍යාපෘති වහාම අවලංගු කෙරිනි. එක්සත් රාජධානියෙහි සහ ප්‍රංශයෙහි උපකාරය නොමැතිව, පීඒඊසී ඉංජිනේරුවන් විසින් ප්ලූටෝනියම් න්‍යෂ්ටික ප්‍රතිසැකසුම් යන්ත්‍රෝපකරණ— නිව් ලැබ්ස් — සහ ප්ලූටෝනියම් ප්‍රතික්‍රීයකය — කූෂාබ් න්‍යෂ්ටික සංකීර්ණය නිම කලහ. මෙම බලාගාර දෙකම පීඒඊසී විසින් පාලනය කෙරෙන වාණිජ බලාගාර විය. 1989 වසරෙහිදී, මහජන චීන සමූහාණ්ඩුව විසින් පකිස්තානය සමග ගිවිසුමක් අත්සන් කලේ, අයිඒඊඒ සුරැකිතාවයන් යටතේ 300 MWe CHASNUPP-I බලාගාරය ලබාදීමටය. 1990 වසරේදී, ප්‍රංශය සහ සෝවියට් සංගමය යන රටවල් දෙකම විසින්, අයිඒඊඒ සුරැකිතාවයන් යටතේ වාණිජ න්‍යෂ්ටික බලාගාර සපයන ලෙසට පකිස්තානයෙහි ඉල්ලීම සලකා බලන ලදි.[13] එනමුදු, සෝවියට් සංගමය සහ ප්‍රංශය සමගින් වූ මෙම එකඟතා පිළිබඳ එ.ජ. නොසතුට, පකිස්තානය සඳහා ඇමරිකානු තානාපතිවර රොබට් ඕකිලිගේ ප්‍රකාශයක් තුලින් දැක්වෙත්ම මෙම ගිවිසුම් අවලංගු කෙරිණි.[14] 2000 වසර වන විට, චීනය විසින් පීඒඊසී සමගින් එහි කොන්ත්‍රාත්තුව විස්තීරණය කර ඇති අතර, 2011 ඔක්තොම්බර් වන විට III, සහ IV බලාගාර ගොඩනැගීමෙහිලා උපකාර සපයයි. II 2011 වසරෙහි අප්‍රේල් මාසයේදී නිම කරන ලදි. එහි බලශක්තිය සඳහා වන ඉල්ලුමෙහි වැඩිවීම නිසා, පකිස්තානු රජය විසින් රට පුරා න්‍යෂ්ටික බලාගාර පිහිටුවන ලෙසට පීඒඊසී වෙත නියෝග පනවා ඇත. පීඒඊසී පවසන පරිදී, ඉලක්කය වන්නේ, වසර 2030 වන විට, 8800 MW ධාරිතාවක විදුලිය ජනනය කිරීමයි. අග්‍රාමාත්‍ය යූසුෆ් රසා ගයිලානි විසින් පකිස්තානු ජාතික බලශක්ති ප්‍රතිපත්තිය 2010 වසරෙහිදී ප්‍රකාශයට පත් කල අතර, පකිස්තානයෙහි අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස්න වන අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයෙහිදී හිදී සාධ්‍යතා වාර්තාව ඉදිරිපත් කරන ලදි. වර්තමානයෙහි පීඒඊසී සැලසුම් කරමින් සිටින්නේ KANUPP-II—1100 MWe බලාගාරයකි — සහ KANUPP-III — 1100 MWe — න්‍යෂ්ටික බලාගාරයන්හී ගොඩනැගීම් කටයුතු වල පෙරමුණ ගෙන ක්‍රියාකිරීමටය. වාණිජ බලාගාර දේශිය වශයෙන් ගොඩනැගෙමින් පවතින අතර, ප්‍රාරම්භක කටයුතු 2009 වසරෙහිදී අත්හිටුවන ලදි. 2010 වසරෙහිදී, න්‍යෂ්ටික බලශක්ති ඉන්ධන සංකීර්ණය (පීඑන්පීඑෆ්සී) — න්‍යෂ්ටික යළි-සැකසුම් යන්ත්‍රාගාරයක් — පිහිටුවන ලදි. පීඒඊසී විසින් ගොඩනැගීම් කටයුතු, සැලසුම් කටයුතු සහ නඩත්තු කටයුතු සඳහා මූලිකත්වය සපයන ලද අතර, චීනය සහ අයිඒඊඒ විසින් පහසුකම සඳහා අරමුදල් සපයන ලදි. 2013 නොවැම්බර් 26 දිනදී, අග්‍රාමාත්‍ය නවාෂ් ෂෙරීෆ් විසින්, කරච්චි නගරය අසබඩ, 2200 MW ඒකාබද්ධ ධාරිතාවකින් යුතු න්‍යෂ්ටික බලාගාර දෙක සඳහා මුල්ගල් තැබීමේ උත්සවය පවත්වන ලදි.

පකිස්තාන න්‍යෂ්ටික බල ප්‍රතික්‍රීයක

සංස්කරණය

අද දිනය වන විට, වාණිජ න්‍යෂ්ටික බලාගාර තුනක් පමණක් ක්‍රියාකාරී තත්ත්වයෙහි පවතියි. වර්තමාන සහ අනාගත වාණිජ න්‍යෂ්ටික බලාගාර පිළිබඳ විස්තර සපයන ලැයිස්තුවක් පහත සැපයෙයි.

න්‍යෂ්ටික බල ප්‍රතික්‍රීයක වර්ගය පිහිටුම දල ධාරිතාව ගොඩනැගීම ඇරඹීම ජාලකයට සම්බන්ධ කිරීම වාණිජ ක්‍රියාත්මක වීම
CHASNUPP-I[15] PWR[15] ෂාෂ්මා, පන්ජාබ් පළාත[15] 300 MWe[15] 1 අගෝස්තු 1993[15] 13 ජූනි 2000[15] 15 සැප්තැම්බර් 2000[15]
CHASNUPP-II[16] PWR[16] ෂාෂ්මා, පන්ජාබ් පළාත 300 MWe[16] 28 දෙසැම්බර් 2005[16] 14 මාර්තු 2011[16] 20 මැයි 2011[16]
CHASNUPP-III[17] PWR[17] ෂාෂ්මා, පන්ජාබ් පළාත[17] 340 MWe[17] 28 අප්‍රේල් 2009[1][17] 2016[1] නොදනී
CHASNUPP-IV[17] PWR[17] ෂාෂ්මා, පන්ජාබ් පළාත[17] 340 MWe[17] 2011[1] 2017[1] නොදනී
CHASNUPP- V PWR ෂාෂ්මා, පන්ජාබ් පළාත 1000 MWe 2014 2020 නොදනී
KANUPP-I[18] PHWR පැරඩයිස් පොයින්ට්, කරච්චි, සින්ද් පළාත 90 MWe[18] 1 අගෝස්තු 1966[18] 18 ඔක්තොම්බර් 1971[18] 7 දෙසැම්බර් 1972[18]
KANUPP-II[19][20] PWR[19][20] පැරඩයිස් පොයින්ට්, කරච්චිය, සින්ද් පළාත[19][20] 1000 MWe[19][20] ප්‍රාරම්භක කටයුතු ඇරඹුනද, 2009 වසරෙහිදී ව්‍යාපෘතිය නවතා දමන ලදි.[20][21] 2020[19] 2020
KANUPP-III[22] PWR[22] පැරඩයිස් පොයින්ට්, කරච්චිය, සින්ද් පළාත[22] 1000 MWe[22] ප්‍රතික්‍රීයකය සැලසුම් කිරීම නිමා කර ඇත. ගොඩනැගීම් කටයුතු තවමත් ආරම්භ කැ නැත [23] 2020[23] 2020[23]
මුෂ්රෆාගා න්‍යෂ්ටික බල සංකීර්ණය PWR මුෂ්රෆාගා, පන්ජාබ් 1000 MWe වාර්තා ගත වන අයුරින් පීඒඊසී විසින් මුෂ්රෆාගා හී චීන න්‍යෂ්ටික ප්‍රතික්‍රීයක තුනක් සවිකිරීමට සැලසුම් කරන අතර, භූමිය දැනට සකස් කරමින් පවතියි.[24] 2020 2020

ජාත්‍යන්තර සහයෝගීතාවය

සංස්කරණය

මහජන චීන සමූහාණ්ඩුව

සංස්කරණය

මහජන චීන සමූහාණ්ඩුව මුලදී සිටම පකිස්තානයේ න්‍යෂ්ටික බලශක්ති උත්පාදන වැඩසටහන සඳහා ප්‍රබල වාචික සහ උද්‍යෝගමත් අනුග්‍රාහකයෙක් විය. 1970 ගණන් වලදී සුල්ෆිකාර් අලි බූතෝ අග්‍රාමාත්‍යවරයා වශයෙන් චීනයෙහි සංචාරයක යෙදීම සිදුවූ පළමු අවස්ථාව දක්වා ඈත අතීතයට චීන-පකිස්තාන සබඳතා විහිදී යයි.

ආශ්‍රිත

සංස්කරණය
  1. ^ a b c d e (PAEC), පකිස්තානු පරමාණු බල කොමිසම (12 මැයි 2011). "ප්‍රයිම් මිනිස්ටර් ඉනෝගරේට්ස් 340 MW ෂාෂ්මා නියුක්ලියර් පවර් ප්ලාන්ට් යුනිට්-2: ගවර්න්මන්ට් ටු ප්‍රොවයිඩ් ෆුල් සපෝර්ට් ටු පීඒඊසී ෆෝ නියුක්ලියර් ප්‍රොජෙක්ට්ස් අර්ජර්ස් ඉන්ටර්නැෂනල් කමියුනිටි ටු මේක් නියුක්ලියර් ටෙක්නොලොජි ඇක්සෙසිබ්ල් ටු පකිස්තාන් ෆො පවර් ජෙනරේෂන්". පකිස්තානු පරමාණු බල කොමිසමේ මාධ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය. මහජන පුවත් සහ ජාත්‍යන්තර පුවත් සබඳතා සඳහා පකිස්තානු පරමාණු බල කොමිසමෙහි අධ්‍යක්ෂක කාර්යාලය.
  2. ^ Nuclear power in Pakistan, Dr. Zia H. Siddiqui and Dr. I.H. Qureshi, pp.31–33.
  3. ^ (PAEC), පකිස්තානු න්‍යෂ්ටික බලශක්ති කොමිසම. "නියුක්ලියර් පවර් ජෙනරේෂන් ප්‍රෝග්‍රම්". පකිස්තානු රජය. PAEC. සම්ප්‍රවේශය 2011. {{cite web}}: Check date values in: |accessdate= (help)
  4. ^ සයිඩ් යුසාෆ්, රාසා (31 ජූලි 2012). "කරන්ට් පික්චර් ඔෆ් ඉලෙක්ට්‍රිකල් එනර්ජි ඉන් පකිස්තාන්". පකිස්තානු න්‍යෂ්ටික බලශක්ති කොමිසම. න්‍යෂ්ටික බලශක්ති නිපැයුම් අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයය. සම්ප්‍රවේශය 28 නොවැම්බර් 2012.
  5. ^ සුල්ෆිකාර්, සාමන් (23 අප්‍රේල් 2012). "පක්-චයිනා එනර්ජි කෝපරේෂන්". පකිස්තාන් ඔබ්සර්වර්. http://pakobserver.net/detailnews.asp?id=109910. සම්ප්‍රවේශය කෙරුණු දිනය 23 අප්‍රේල් 2012. 
  6. ^ යූඑන් ප්‍රෙස් රිලීස්. "අයිඒඊඒ පබ්ලිකේෂන්ස්: පකිස්තාන් ඕවර්වීව්". IAEA, P.O. Box 100, Wagramer Strasse 5, A-1400 Vienna, Austria. IAEA Membership states. සම්ප්‍රවේශය 17 අප්‍රේල් 2012.
  7. ^ ඇසෝෂියෙට් ප්‍රෙස් ඔෆ් පකිස්තාන් (APP) (25 අප්‍රේල් 2011). "අයිඒඊඒ ඩික්ලෙයාර්ස් නියුක්ලියර් එනර්ජි ප්‍රෝග්‍රම් සේෆ්". ඩෝන් නිවුස්පේපර්ස්. http://dawn.com/2011/04/25/iaea-declares-pakistan-nuclear-program-safe/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 17 අප්‍රේල් 2012. 
  8. ^ ඩාල්, ප්‍රෙඩ්රික් (27 සැප්තැම්බර් 2010). "නියුක්ලියර්-ආම්ඩ් පකිස්තාන් චෙයාර්ස් බෝර්ඩ් ඔෆ් යූ.එන්. ඇටම් බොඩි". රොයිටර්ස්, වියනා. http://www.reuters.com/article/2010/09/27/us-nuclear-iaea-pakistan-idUSTRE68Q1MN20100927. සම්ප්‍රවේශය කෙරුණු දිනය 17 අප්‍රේල් 2012. ""Pakistan is a long-standing and "very law-abiding" member of the IAEA, got no opposition from any side at all" 
  9. ^ http://www.thenews.com.pk/Todays-News-3-235039-32-nuclear-plants-to-produce-40000MW-PAEC
  10. ^ මහාචාර්ය රියාසුඩීන් (13 ඔක්තොම්බර් 2005). "කන්ට්‍රිබියුෂන් ඔෆ් අබ්දුස් සලාම් ඈස් මෙම්බර් ඔෆ් පීඒඊසී" (PDF). ද නියුක්ලියස්. 42 (1–2). නිලෝර්, ඉස්ලාමබාද්: ද නියුක්ලියස් PINSTECH පබ්ලිකේෂන්: 31–34. ISSN 0029-5698. සම්ප්‍රවේශය 2011. {{cite journal}}: Check date values in: |accessdate= (help)
  11. ^ සිඩ්ඩිකි, ආචාර්ය සියා; ආචාර්ය ඉක්බාල් හුසේන් කුරේෂි (13 ඔක්තොම්බර් 2005). "නියුක්ලියර් පවර් ඉන් පකිස්තාන්" (PDF). ද නියුක්ලියස්. 42 (1–2). නිලෝර්, ඉස්ලාමබාද්: ද නියුක්ලියස් PINSTECH පබ්ලිකේෂන්: 63–66. ISSN 0029-5698. සම්ප්‍රවේශය 2011. {{cite journal}}: Check date values in: |accessdate= (help)
  12. ^ "පකිස්තාන් මේක්ස් එචීව්මන්ට්ස් ඉන් පීස්ෆුල් යූස් ඔෆ් නියුක්ලියර් එනර්ජි". සින්හුවා ජෙනරල් ඕවර්සීස් නිවුස් සර්විස්. 27 ඔක්තොම්බර් 1979. http://www.nti.org/e_research/profiles/Pakistan/Nuclear/chronology_1974.html. 
  13. ^ "සෝවියට් ඇම්බැසඩර් සේස් සෝවියට්ස් මයිට් සෙල් පකිස්තාන් අ නියුක්ලියර් ප්ලාන්ට්". 26 පෙබරවාරි 1990. සම්ප්‍රවේශය 2011. {{cite web}}: Check date values in: |accessdate= (help)
  14. ^ නිසාමි, මජීඩ්; සලීම් බුක්රි (26 පෙබරවාරි 1990). "පේපර් සේස් යූඑස් ටු ඔක්ජේක්ට් ටු නියුක්ලියර් ප්ලාන්ට් ඩීල්". ද නේෂන් (ඉස්ලාමබාද්, ඉස්ලාමබාද් ප්‍රධාන බලප්‍රදේශය: නාවා-අයි-වක්ට් මාධ්‍ය සමූහය): pp. 1–2. http://www.nti.org/e_research/profiles/Pakistan/Nuclear/chronology_1990.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2011. 
  15. ^ a b c d e f g (PAEC), පකිස්තානු පරමාණු බල කොමිසම. "CHASNUPP I". PAEC. PAEC.
  16. ^ a b c d e f (IAEA), අන්තර්ජාතික පරමාණු බල කාර්යාංශය. "CHASNUPP-II". IAEA. IAEA. සම්ප්‍රවේශය 2011-04-08.
  17. ^ a b c d e f g h i (TEX), දි එක්ස්ප්‍රස් ට්‍රයිබියුන්. "චයිනා ෆර්ම් ඒම්ස් ටු බිල්ඩ් බිග් නියුක්ලියර් ප්ලාන්ට් ෆො පකිස්තාන්". දි එක්ස්ප්‍රස් ට්‍රිබියුන්. දි එක්ස්ප්‍රස් ට්‍රිබියුන්.
  18. ^ a b c d e (IAEA), අන්තර්ජාතික පරමාණු බල කාර්යාංශය. "KANUPP-I". අයිඒඊඒ දත්ත ගබඩාව. අයිඒඊඒ.
  19. ^ a b c d e (PAEC), පකිස්තානු පරමාණුක බලශක්ති කොමිසම. "KANUPP-II". පකිස්තානු පරමාණුක බලශක්ති කොමිසම. පකිස්තානු පරමාණුක බලශක්ති කොමිසම.
  20. ^ a b c d e හසීම්, අසාද් (31 ජනවාරි 2009). "ප්ලෑන් ටු එස්ටැබ්ලිෂ් 1,000MW KANUPP-II පුට් ඔන් හෝල්ඩ්". ඩෝන් පුවත්පත් (කරච්චි, සින්ද්: ඩෝන් පුවත්පත් සමූහයෙහි හමීඩ් හරූන්). http://archives.dawn.com/2009/01/31/local1.htm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2011. 
  21. ^ අසාඩ් හසීම්, 1,000MW Kanupp-II පිහිටුවීමෙහි සැලසුම නවතා දැමිණි ඩෝන් මාධ්‍ය සමූහය.
  22. ^ a b c d (WNA), ලෝක න්‍යෂ්ටික සංගමය. "KANUPP-II". WNA.
  23. ^ a b c නසීර්, ෂාහාරා (31 ජනවාරි 2009). "නියුක්ලියර් නයිට්මෙයාර්ස් ටු අවොයිඩ්". ද නේෂන් (කරච්චිය, සින්ද්: ද නේෂන් මාධ්‍ය සමූහය). http://www.nation.com.pk/pakistan-news-newspaper-daily-english-online/Opinions/Columns/11-Apr-2011/Nuclear-nightmares-to-avoid. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2011. 
  24. ^ පකිස්තාන් ඉන් ටෝක්ස් ටු ඇක්වයර් 3 නියුක්ලියර් ප්ලාන්ට්ස් ෆ්‍රොම් චයිනා