බැසිල් රාජපක්ෂ
බැසිල් රාජපක්ෂ | |
---|---|
මුදල් අමාත්‍ය | |
In office 8 ජූලි 2021 – 3 අප්‍රේල් 2022 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | මහින්ද රාජපක්ෂ |
අනුප්‍රාප්තිකයා | අලි සබ්‍රි |
ආර්ථික සංවර්ධන අමාත්‍ය | |
In office 22 අප්‍රේල් 2010 – 9 ජනවාරි 2015 | |
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | දි.මු. ජයරත්න |
පූර්වප්‍රාප්තිකයා | කාර්යාලය පිහිටුවන ලදි |
අනුප්‍රාප්තිකයා | රනිල් වික්‍රමසිංහ |
ජාතික ලැයිස්තුව සඳහා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී | |
In office 8 ජූලි 2021 – 9 ජූනි 2022 | |
පූර්වප්‍රාප්තිකයා | ජයන්ත කැටගොඩ |
අනුප්‍රාප්තිකයා | ධම්මික පෙරේරා |
In office 19 සැප්තැම්බර් 2007 – 9 පෙබරවාරි 2010 | |
පූර්වප්‍රාප්තිකයා | මොහොමඩ් ඉස්මයිල් අන්වර් ඉස්මයිල් |
ගම්පහා දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී | |
In office 22 අප්‍රේල් 2010 – 26 ජූනි 2015 | |
Personal details | |
උපත | ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය |
වෙනත් දේශපාලන සම්බන්ධකම් | එක්සත් ජාතික පක්ෂය |
කලත්‍රයා | පුෂ්පා රාජපක්ෂ |
පදිංචිය(s) | C 79, Gregory Avenue, Colombo 07, Sri Lanka. |
Alma mater | ආනන්ද විද්‍යාලය |
වෙබ් අඩවිය | Official Website |
බැසිල් රෝහණ රාජපක්ෂ (බැසිල් රාජපක්ෂ) මහතා ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කය තුලින් පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරයෙකි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජාතික සංවිධායකවරයා හා මහින්ද රාජපක්ෂ රජයේ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වේ. මීට පෙර 2005 වසරේ පැවැති ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පලමු ධූර කාලය තුලදී බැසිල් මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිස ජනපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස කටයුතු කලේය. ඉන්පසු 2010 වසරේ පැවැති මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඡන්ද අපේක්ෂකයෙකු ලෙස තරඟ වැදුනු බැසිල් මහතා එහිදී පාර්ලිමේන්තුවට පිවිසියේය. පසුව ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ධූරය ඔහුට හිමිවිය.[1] බැසිල් රාජපක්ෂ මහතාගේ පියා වූවේ කීර්තිමත් දේශපාලඥයෙක් වූ ඩී. ඒ. රාජපක්ෂ මහතායි. බැසිල් මහතා ද්වීතීක අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලය යෙනි .
දේශපාලන දිවිය
1977 මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මුල්කිරිගල ඡන්ද බල පෙදෙසට තරඟ කල බැසිල් මහතා ඉන් පරාජයට පත්විය.[2] පසුව 1982 දී ශ්‍රී ලංකාවේ පලමු විධායක ජනපති වූ ජේ.ආර්. ජයවර්ධන සමයේ පැවැති ජන මත විමසුමට සහය දක්වමින් බැසිල් මහතා එක්සත් ජාතික පක්ෂයට එක්විය.[3] පසුව පැමිණි ගාමිණි දිසානායක මහතා යටතේද වැඩ කල බැසිල් මහතා, රණසිංහ ප්‍රේමදාස මහතාගේ දෝශාභියෝගය බිඳවැටීමෙන් පසු එක්සත් ජනපදය වෙත යන ලදී.
පසුව නැවතත් මව් බිම කරා පැමිණි බැසිල් මහතා 2010 මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ වැද ඉතිහාසගත ලෙස මනාප ඡන්ද ලක්ෂ 4 කට (400000 +) වඩා ලබා ගනිමින් ශ්‍රී ලංකා දේෂපාලනයේ සුවිශේෂී ස්ථානයක් ගොඩනගා ගන්නා ලදී. එලෙසම ඔහු ශ්‍රී ලංකාවේ LTTE ත්‍රස්ථවාදය තිබූ අවදියේ, සොයුරු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සවියක් වෙමින් විශාල වැඩ කොටසක් ඉටු කල බව සඳහන්ය.
පෞද්ගලික ජීවිතය
පුෂ්පා රාජපක්ෂ සමග විවාහ වූ බැසිල් මහතා වර්ථමානයේ තිදරු පියෙකි.
මේවාද බලන්න
මූලාශ්‍ර
- ^ New Cabinet sworn in Daily Mirror (Sri Lanka), Retrieved on 23rd April 2010.
- ^ 1977 Parliamentary Elections Results සංරක්ෂණය කළ පිටපත 2011-07-22 at the Wayback Machine.
- ^ Can Basil rescue Mahinda’s sinking ship?.