Jump to content

ග්ලීස 581 g

විකිපීඩියා වෙතින්
ග්ලීස 581 g
බහිෂ්-සෞර ග්‍රහ ලෝකය බහිෂ්-සෞර ග්‍රහ ලෝක ලැයිස්තුව

පිටස්තරම ග්‍රහ ලෝකය f හැර අනෙක්වායෙහි වෘත්තාකාර කක්ෂ සහිත, ග්ලීස 581 ග්‍රහලෝක මණ්ඩලයෙහි කක්ෂ සටහන.
පීතෘ තරුව
තරුව ග්ලීස 581
තාරකා රාශිය තුලා
විෂුවදංශය (α) 15පැය 19විනා 26තත්
අවනතිය (δ) −07° 43′ 20″
දෘශ්‍ය විශාලත්වය (mV) 10.55
දුර20.3 ± 0.3 ly
(6.2 ± 0.1 pc)
වර්ණාවලීමය මාදිළිය M3V
ස්කන්ධය (m) 0.31 M
අරය (r) 0.29 R
උෂ්නත්වය (T) 3480 ± 48 K
ලෝහමත්වය [Fe/H] −0.33 ± 0.12
වයස 7 – 11 Gyr
කක්ෂීය අවයව
අඩ-මහා අක්ෂය(a) 0.146[1] AU
කක්ෂ කාලාවර්තය(P) 36.6[1] d
භෞතික ගතිලක්ෂණ
අවම ස්කන්ධය(m sin i)3.1 – 4.3[1] M
අරය(r)1.3 – 2.0[1] R
පෘෂ්ඨීය ගුරුත්වය(g)1.1 – 1.7[1] g
ගවේෂණ තොරතුරු
ගවේෂණ දිනය සැප්තැම්බර 29, 2010
ගවේෂකයා(යන්) ස්ටීවන් එස්. වෙග්ට් සහ අනෙකුන්.
අනාවරණ ක්‍රමය අරීය ප්‍රවේගය
ගවේෂණ අඩවිය කෙක් නිරීක්ෂණාගාරය, හවායි
ගවේෂණ තත්ත්වය ප්‍රකාශයට පත් කොට
Database references
Extrasolar Planets
Encyclopaedia
data
SIMBADdata

ග්ලීස 581 g (උසුරුවනුයේ /ˈɡliːzə/) හෝ Gl 581 g,[2] යනු පෘථිවියෙන් දළ වශයෙන් ආලෝක වර්ෂ 20.5[3] පමණ ඈතින් තුලා තාරකා රාශියෙහි, ග්ලීස 581 රතු වාමන තරුව වටා පරිභ්‍රමනය වන, තවමත් සහතික නොවූ බහිෂ්-සෞර ග්‍රහලෝකයකි. තරුවෙහි සිට පිළිවෙලින් ගත් කල සතරවැන්න වන මෙය, ග්ලීස 581 ග්‍රහ මණ්ඩලයෙහි සොයා ගන්නා ලද සයවැනි ග්‍රහ ලෝකයයි. දශකයකට වඩා කාලයක් තුල සිදු කල නිරික්ෂණ වලින් අනතුරුව ලික්-කානේ ඒක්සොප්ලැනට් සර්වේ කණ්ඩායම විසින් මෙම ග්‍රහලෝකය සොයා ගන්නා ලදි.

නිරීක්ෂණ වලින් අනාවරණය වන්නේ මෙය මව් තාරකාවේ උෂ්ණත්වය වඩාත් අධික නොවන හෝ වඩාත් දුර්වල නොවන ප්‍රදේෂය හෙවත්, වාසයට සුදුසු කලාපයේ, පිහිටා ඇති බවයි. එය පාෂාණමය ග්‍රහලොකයක් නම්, ගැළපෙන වාතාවරණ යටතේ, ජීවය පැවතීමට අවශ්‍ය සාධකයක් වන ද්‍රවමය ජලය පැවතිය හැක. ප්‍රථිවිය මෙන් 3.1 සිට 4.3 ගුණයක පමණ ස්කන්ධයකින් යුක්ත මෙය අධි-ප්‍රථිවියක් ලෙස සලකන අතර, දැනට සොයාගත් වාසයට සුදුසු කලාපවල පවතින ග්‍රහලෝක අතුරින් ප්‍රමාණයෙන් ප්‍රථිවියට ආසන්නතම ග්‍රහලෝකයයි. ‍එම නිසා මෙය දැනට සොයාගත් ග්‍රහලෝකය අතරින් අප සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට පවතින ප්‍රථිවියට වඩාත්ම සමාන ගෝල්ඩිලොක්ස් ග්‍රහලෝකය සහ ජීවය පැවතීමට වඩාත්ම ඉඩ ඇති බාහිර ග්‍රහලෝකය වී ඇත.

මෙවැනි කෙටි කාලයක් තුළ මෙතරම් කිට්ටුවෙන් ග්ලීස 581 g සොයා ගැනීම හේතුවෙන් වාසයට සුදුසු ග්‍රහලෝක සහිත ග්‍රහ මණ්ඩල අනුපාතය 10% ට වැඩි බවට වීශ්වාස කිරීමට තාරකා විද්‍යාඥයන් පෙලඹී ඇත.

සටහන් සහ ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ a b c d e Vogt, Steven S. (2010-09-29). "The Lick-Carnegie Exoplanet Survey: A 3.1 M_Earth Planet in the Habitable Zone of the Nearby M3V Star Gliese 581". accepted by the Astrophysical Journal. සම්ප්‍රවේශය 2010-09-29. {{cite journal}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  2. ^ Borenstein, Seth (2010-09-29). "Could 'Goldilocks' planet be just right for life?". Associated Press. http://hosted.ap.org/dynamic/stories/U/US_SCI_NEW_EARTHS?SITE=ILMOL&SECTION=HOME&TEMPLATE=DEFAULT. සම්ප්‍රවේශය කෙරුණු දිනය September 30, 2010. 
  3. ^ කිලෝමීටර ට්‍රිලියන 193 ක් පමණ
"https://si.wikipedia.org/w/index.php?title=ග්ලීස_581_g&oldid=250626" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි