ඕපන්ඔෆිස්
සංවර්ධක(යෝ) | Oracle Corporation |
---|---|
ප්‍රථම නිකුතුව | අප්‍රේල් 30, 2002 |
ක්‍රමලේඛන භාෂා(ව) | C++, Java |
මෙහෙයුම් පද්ධතිය | මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මැක් ඕඑස් එක්ස් ලිනක්ස් BSD යුනික්ස් |
පරිගණක වේදිකාව | Cross-platform |
ලබාගත හැකි භාෂා ගණන | Over 110 languages |
වර්ගය | Office suite |
බලපත්‍රය | GNU Lesser General Public License v3 (OpenOffice.org 2 Beta 2 and earlier are dual-licensed under the SISSL and LGPL) |
වෙබ් අඩවිය | openoffice.org |
OpenOffice.org යනු මෘදුකාංග කට්ටලයකි. මයික්‍රොසොෆ්ට් ආයතනයෙන් ඉදිරිපත් කළ මයික්‍රොසොෆ්ට් ඔෆිස්, IBM ආයතනය සතු Lotus Smartsuite . Core/Novel ආයතනය සතු Perfect Office යන මෘදුකාංග කට්ටල මෙන් ම මෘදුකාංග ගණනාවක් ඇති මෘදුකාංග කට්ටලයකි.
මෙම OpenOffice.org මෘදුකාංග කට්ටලයේ ප්‍රධාන වශයෙන් ලිපි ලේඛන සැකසීම සඳහා OpenOffice.org Writer යන මෘදුකාංගය ද, පැතුරුම්පත් සඳහා OpenOffice.org Calc යන මෘදුකාංගය ද, Presentation සඳහා OpenOffice.org Impress යන මෘදුකාංගයද දත්ත ගොනු සඳහා OpenOffice.org Base යන මෘදුකාංගය ද ඇත.
ඉතිහාසය
[සංස්කරණය]අනුවාදය | එළිදැකුම් දිනය | විස්තරය |
---|---|---|
Build 638c | ඔක්තෝබර් 2001 | පළමු සන්ධිස්ථාන එළිදැකුම |
1.0 | මැයි1, 2002 | |
1.0.3.1 | මැයි 2, 2003 | වින්ඩෝස් 95 සඳහා නිර්දේශ කෙරිණි |
1.1 | සැප්තැම්බර් 2, 2003 | |
1.1.1 | මාර්තු 30, 2004 | දිඕපන්සීඩී සමග සංධානගත කෙරිණි |
1.1.2 | ජූනි 2004 | |
1.1.3 | ඔක්තෝබර් 4, 2004 | |
1.1.4 | දෙසැම්බර් 22, 2004 | |
1.1.5 | සැප්තැම්බර් 14, 2005 | 1.x නිෂ්පාදන පෙළ සඳහා අවසන් එළිදැකුම
වින්ඩෝස් 95 සඳහා අවසන් අනුවාදය OpenOffice.org 2 ගොනු සංස්කරණය කල හැකියි |
1.1.5secpatch | ජූලි 4, 2006 | ආරක්ෂණ උබනාහය (සාර්වයන්) |
2.0 | ඔක්තෝබර 20, 2005 | සන්ධිස්ථානය, ප්‍රධාන ඉවැඩිකිරීම් සමගින් |
2.0.1 | දෙසැම්බර 21, 2005 | |
2.0.2 | මාර්තු 8, 2006 | |
2.0.3 | ජූනි 29, 2006 | |
2.0.4 | ඔක්තෝබර 13, 2006 | |
2.1.0 | දෙසැම්බර 12, 2006 | |
2.2.0 | මාර්තු 28, 2007 | ආරක්ෂණ යාවත්කාලයක් එක්කෙරිණි; ෆොන්ට් කර්නිං යළි-එක්කෙරිණි[1] |
2.2.1 | ජූනි 12, 2007 | |
2.3.0 | සැප්තැම්බර 17, 2007 | සටහන් උපයෝජන සංරචකය යාවත්කාල කෙරිණි |
2.3.1 | දෙසැම්බර 4, 2007 | ස්ථායිතා හා ආරක්ෂණ යාවත්කාලය |
2.4.0 | මාර්තු 27, 2008 | දෝෂ සැකසුම් හා නව විශේෂාංගයන් |
2.4.1 | ජූනි 10, 2008 | ආරක්ෂණ පිළිසකර, සුළු ඉවැඩි කිරීම්, සහ දෝෂ පිළිසකරයන් |
2.4.2 | ඔක්තෝබර 29, 2008 | ආරක්ෂණ පිළිසකර, සුළු ඉවැඩි කිරීම්, සහ දෝෂ පිළිසකරයන් |
2.4.3 | සැප්තැම්බර 1, 2009 | දෝෂ පිළිසකරයන් හා සුළු ඉවැඩි කිරීම්[2] |
3.0.0 | ඔක්තෝබර 13, 2008 | සන්ධිස්ථානය, ප්‍රධාන ඉවැඩි කිරීම් සමගින් |
3.0.1 | ජනවාරි 27, 2009 | දෝෂ පිළිසකරයන් |
3.1.0 | මැයි 7, 2009 | Overlining and transparent dragging available |
3.1.1 | අගෝස්තු 31, 2009 | ආරක්ෂණ පිළිසකර, දෝෂ පිළිසකරයන් |
3.2 | උපලේඛනය:[3] නොවැම්බර, 2009 | |
3.3 | උපලේඛනය:[4] මැයි, 2010 |
මෙය මුලින් ජර්මන් ආයතනයක් වූ StarDivision විසින් නිමිකාර මෘදුකාංගයක් ලෙස නිර්මාණය කරන ලදුව පසුව 1999 දී Sun Microsystems ආයතනය විසින් එහි ප්‍රභව කේතය (Source Code) මිලයට ගන්නා ලදී. එහි 5.2 වන සංස්කරණයෙහි ප්‍රභව කේතය ලොවට නොමිලේ ම ලබා ගත හැකි විය. 2000 වසරෙහි ජූලි 19 දින Sun Microsystems ආයතනය මෙම ප්‍රභව කේතය නොමිලේ ලොවට ඉදිරිපත් කළ අතර එම වසරේම ඔක්තෝබර් 13 වන දින OpenOffice නම් අළුත් ව්‍යාපෘතියේ වෙබ් අඩවිය ඇරඹිණ.
2003 වසර මුල දී දෙවන සංස්කරණයේ වැඩ ඇරඹුණු අතර එහි බීටා සංස්කරණය (Beta Version), MicroSoft Office සමඟ වඩා හොඳ අන්තර්ප්‍රතිග්‍රහණයක් (interoperability) හා වැඩි පහසුකම් සහිතව වැඩි දියුණු කරන ලද වේගයකින් හා අඩු මතක භාවිත (Low Memory Usage) ද ඇතිව 2005 මාර්තු 4 වන දින ඉදිරිපත් වූ අතර එහි නිල සංස්කරණය වශයෙන් එම වසරේ ම ඔක්තෝබර් 20 දින නිකුත් කරන ලදී. ඊට සති අටකට පසු කුඩා දෝෂ නිවැරදි කරන ලද 2.0.1 සංස්කරණය නව පහසුකම් ද සහිතව නිකුත් කරන ලදී.
2.0.3 සංස්කරණය සමඟ ම එහි දෝෂ මඟ හැර නව පහසුකම් සහිතව සංස්කරණයක් ඒළි දැක්වීමේ කාලය මාස දහ අටේ සිට මාස 3කට අඩු විය. 2008 ඔක්තෝබර් මස VBA Macros වැනි නව පහසුකම් සහිත 3.0 සංස්කරණය ලොවට නිකුත් විය.
ලක්ෂණ
[සංස්කරණය]Open Office.org හි අරමුණ Microsoft Office හි වැඩ කරන විට ඇතිවන හැඟීම දෙන්නටයි. දැනටමත් Microsoft Office හි හා වෙනත් මෘදුකාංග බොහොමයක ඇති ඇති File Formats ගණනාවක් කියන්නටත් ලියන්නටත් Open Office.org වලට හැකියාවක් ඇත. Microsoft Office හි පැරණි සංස්කරණවලට අයත් ගොනු විවෘත කරන්නටත් එහි නව සංස්කරණවලට විවෘත කිරීමට නොහැකි පළුදු වූ ගොනු විවෘත කරන්නටත් Open Office.org වලට හැකි ය.
ගැලපෙන මෙහෙයුම් පද්ධති
[සංස්කරණය]- FreeBSD: v3.1
- Linux
- OpenBSD
- Solaris
- Mac OS X 10.2: up to v1.1.2
- Mac OS X 10.3: up to v2.1
- Mac OS X 10.4–10.5 (PowerPC): up to v2.4.1 (v3.0 under test)
- Mac OS X 10.4–10.5 (Intel): v3.1
- Mac OS X 10.6: v3.1
- Windows 95: up to v1.1.5
- Windows 98–ME: up to v2.4.3
- Windows 2000–Vista: v3.1
- OS/2 and eComStation: up to v2.4.0 (v3.0 under test)
ආශ්‍රිත
[සංස්කරණය]- ^ Espiner, Tom (2007-04-04). "New OpenOffice version includes security upgrades". CNET. http://news.com.com/New+OpenOffice+version+includes+security+upgrade/2100-7344_3-6173145.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2007-08-10.
- ^ "OpenOffice.org 2.4.3 (build OOH680_m21) - Release Notes". development. OpenOffice.org. 2009-09-08. සම්ප්‍රවේශය 2009-09-27.
- ^ "OpenOffice 3.2 developer page".
- ^ "OpenOffice 3.3 developer page".
වැඩිහමනත් කියවීම්
[සංස්කරණය]- OOo AuthorsTeam. Getting Started with Open Office.org 3.0. p. 436. .
- Tamar E. Granor, Scott Carr, Sam Hiser. OOoSwitch: 501 Things You Want to Know About Switching To OpenOffice.org from Microsoft Office. p. 311. .
- Andrew Pitonyak. OpenOffice.org Macros Explained. p. 334. .
- Gabriel Gurley. A Conceptual Guide to OpenOffice.org 3. .
- OpenOffice.org Migration Plan For The Public Sector (ODF). Cyberjaya Selangor, Malaysia: Malaysian Public Sector Open Source Competency Centre (OSCC). p. 6. http://knowledge.oscc.org.my/solution-areas/desktop/OpenOffice.org/migration-pack/openoffice.org-migration-plan-general/view.
- OpenOffice.org Implementation in Public Sector (ODF). Cyberjaya Selangor, Malaysia: Malaysian Public Sector Open Source Competency Centre (OSCC). p. 3. http://knowledge.oscc.org.my/solution-areas/desktop/OpenOffice.org/migration-pack/openoffice.org-position-paper/view.