ඉසුරුමුණිය
Appearance
පිහිටීම | අනුරාධපුරය, ශ්‍රී ලංකාව |
---|---|
ඛණ්ඩාංක | 8°20′05″N 80°23′25″E / 8.3346°N 80.3904°Eඛණ්ඩාංක: 8°20′05″N 80°23′25″E / 8.3346°N 80.3904°E |
ඉතිහාසය
[සංස්කරණය]ඉසුරුමුණිය
පැරණි ශ්‍රී ලංකාවේ අනුරාධපුර නම් අග නගරයේ රජ කළ දේවානම්පියතිස්ස රජතුමා විසින් ඉසුරුමුණි විහාරය ගොඩ නංවන ලදී. උසස් කුලදරුවන් 500ක් මහණ කොට ඔවුනට වැඩ වවාසය කිරීම පිණිස එය තනවන ලදී. කාශ්‍යප රජු විසින් (473 - 491) මෙම විහාරය පිළිසකර කොට "බෝඋපුල්වන් කසුබ්ගිරි රද්මහවෙහෙර" නමින් නම් කළේය.
පුරා විද්‍යාත්මක නටබුන්
[සංස්කරණය]ඉසුරුමුණි පෙම්යුවළ
[සංස්කරණය]6 වැනි සියවසෙහි ගුප්ත කලාවට අයිති කැටයමකි. කාන්තාවක් පුරුෂයාගේ උකුලෙහි වාඩි වී සිටී. ඇය ඇඟිල්ලක් ඔසවා සිටින්නීය. ඒ ඇගේ කෝල බව ප්‍රකාශ කරන්නට විය හැක. එහෙත් පුරුෂයා අනවධානයෙන් සිටී. මෙම කැටයමෙහි නිරූපණය වන්නේ දුටු ගැමුණු රජුගේ පුත් සාලිය කුමරු සහ ඔහුගේ පෙම්වතිය වූ අශෝකමාලා නම් සැඩොල් තරුණිය යන දෙදෙනා යයි සිතිය හැකිය. ඇය නිසා තමනට උරුම වන්නට තිබූ රජකම සාලිය විසින් අත්හරින ලදැයි කියැවේ.
මිනිසා හා අශ්ව හිස
[සංස්කරණය]මිනිසෙක් හා අශ්ව හිසක කැටයමක් වන මෙය අග්නි (ගින්න) හා පාර්ජන්‍ය (වළාකුළු) යනුවෙන් හදුන්වති. එම නිසා ඓතිහාසික ස්ථාන අතරින් ඉසුරුමුණිය නැරඹිය යුතු ම ස්ථානයකි.
ආශ්‍රිත
[සංස්කරණය]ඉසුරුමුණිය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.